රාජ්‍ය සේවය හකුළාදැමීමට කටයුතු කරන බවට වර්තමාන ආණ්ඩුවට චෝදනා කළද, ගෙවීගිය කාලය තුළදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පමණක් 20,000කට රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දී ඇතැයි රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහනීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අනුව රාජ්‍ය සේවයේ නිරත ප්‍රමාණය ලක්ෂ 15කට ආසන්න බවත්, කිසි ලෙසකින් රාජ්‍ය සේවය හකුළා දැමීමට කටයුතු නොකරන බවත් ඔහු පවසා සිටියේය.
රටේ ජනතාවගෙන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු රජයෙන් වැටුප් ලබන බවත්, මින් ලක්ෂ 15ක් රාජ්‍ය සේවයේ යෙදෙමින් හා තවත් ලක්ෂ 05කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් ලබාගන්නා බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා රාජ්‍ය සේවයට එක්වන සියලු දෙනාම ජනතාවට සේවය කළ යුතු බවත්, රාජ්‍ය ආදායම ලෙස ලැබෙන රුපියල් බිලියන දෙදහසක මුදලින් රුපියල් බිලියන 800ක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට වීම එයට හේතුවබවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අද (14දා) හෙතෙම මේ බව සඳහන් කළේය.