පසුගිය ආණ්ඩුවේ අවසාන කාලයේදී සහ දින සියය ආණ්ඩුව යටතේ අත්තනෝමතික ආකාරයට රාජ්‍ය ආයතනවලට රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම පිළිබඳව අද (22දා) රැස්වෙන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුකාලයේදී අත්තනෝමතික ආකාරයට රාජ්‍ය ආයතනවලට සේවකයින් බඳවා ගැනීම සඳහා එවකට සිටි අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් අතර හුවමාරු වූ ලිපි ලේඛන මේ වනවිට ප්‍රසිද්ධියට පත්වී තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.
මීට අමතරව දින 100 ආණ්ඩුව යටතේ ලංගමය පමණක් සේවකයින් 1800කට වැඩි පිරිසක් බඳවාගෙන සිටින බවත්, මෙම බඳවාගැනීම් සියල්ලම පිටුපස දේශපාලන මැදිහත් වීම තිබෙන බවත් පවසා සිටියේය.
මේ නිසා මේ පිළිබඳව විවාදයක් ඉල්ලා සිටින බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. නව ආණ්ඩුවේ තුන්වන පාර්ලිමේන්තුවාරය හෙට රැස්වේ.