ජනාධිපතිවරණය දා රාත්‍රියේ අරලියගහ මන්දිරය තුළදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැලසුම් කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම පිරිස අතර අගවිනිසුරු මොහාන් පීරිස්, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, හිටපු විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක්වෙති.
මීට අමතරව ඉදිරියේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවද වාර්තාවේ.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම ප්‍රකාශ සටහන්කරගැනීම සිදුවේ.
අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ විධායක සභා රැස්වීමේදී ඉල්ලීමක් කර තිබුණද මෙතෙක් එවැනි පත්කිරීමක් සිදුකර නැත.
ආණ්ඩුවක් පෙරළීමට තැත්කිරීම වසර 20 ක සිරදඬුවමක් හෝ මරණීය දණ්ඩනය නියම විය හැකි වරදක් බවට නීතියේ සඳහන් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මීට අමතරව මිනීමැරීමේ වරදට පසුව බරපතළ ගණයේ අපරාධයක් ලෙස රාජ්‍ය විරෝධී ක්‍රියා නම් වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.