ජනතා විමුක්ති පෙරමුණේ මඟින් රජයට එල්ල කරන චෝදනා පිළිිනොගන්නා බව රාජ්‍ය ව්‍යවසාය ආමාත්‍යාංශය බවසයි. නිවේදනන් නිකුත්කරමින් අමාත්‍යාංශය පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙම අමාත්‍යාංශය ඇතිකළ බවත් ඒසඳහා රජයෙන් ඉල්ලු මුදලට වඩා අඩු මුදලකින් අමාත්‍යාංශයේ පහසුකම් සම්පුර්ණ කරගත් බවත්ය. එවැනි තත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින ජනතාව මුලාකරවන ප්‍රකාශ සිදුකිරීම පිළිබඳ කනගාටුවන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
එමෙන්ම අමාත්‍යාංශය සඳහා අමාත්‍ය මණ්ඩලය රුපියල් මිලියන 60 ක මුදලක් අනුමත කළඳ එය රුපියල් මිලියන 30 න් ඉටුකරගැනීමට හැකිවු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.