රාජ්ය රියදුරන්ට අතිකාල ගෙවීමේදී මාසයකට පැය 100කට පමණක් ගෙවීමට රජය තීරණය කිරීම නිසා රාජ්ය රියදුරන් හයදසකට අධික පිරිසක් දැඩි අසරණ තත්වයකට පත්ව සිටින බව ලංකා රාජ්ය රියදුරු සංගමය සඳහන් කරයි.
පැවරී තිබෙන රාජකාරිවලට අනුව රාජ්ය සේවයේ අති බහුතර රියදුරන් මාසයකට ආසන්න වශයෙන් පැය 200කට ආසන්න ප්රමාණයක් රාජකාරී වෙලාවෙන් පසු රාජකාරී කිරීමට සිදුව තිබෙන බවද එම සංගමයේ ප්රධාන ලේකම් අරුණ කුමාර මහතා සඳහන් කළේය.
එහෙත් පැය 200ක් සේවය කළත් දීමනා ලබාදීමේදී පැය 100කට පමණක් ගෙවීමට රජය තීරණය කිරීම නිසා රාජ්ය සේවය තුළම ශ්රමය සූරා කෑමකට ලක්වන බවද කුමාර මහතා පවසා සිටියේය.