රාජ්‍ය මාධ්‍ය වන ශ්‍රී ලංකා රූපවාහිනි සේවය, ස්වාධීන රූපවාහිනී සේවය, හා ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් පත්කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව ජාතික රූපවාහිනය සඳහා ඩී. කරුණාරත්න, ස්වාධීන රූපවාහිනය සඳහා ආචාර්ය අශෝක ප්‍රනාන්දු, ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා එච්.ඒ. රණසිංහ යන මහත්වරු පත්කොට තිබේ.
ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පත්වීම් සිදුකොට තිබේ.