රාජ්ය දේපළ අවභාවිත කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවත් ඔවුන් අධිකරණය හමුවට රැගෙන යාමට කටයුතු කරන බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
එසේම වංචාව, දූෂණය හා නාස්තිය පිටු දැකීමට නව පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත් ඔහු කීවේය. විධායක ජනපතික්රමය පිළිබඳව අවසන් තීන්දුවක් මෙන්ම නව මැතිවරණ ක්රමයක් පිළිබඳව අවසන් තීරණයක් ගැනීම නව පාර්ලිමේන්තුවේ වගකීමක් බවද ඔහු කීවේය.