රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිත කළ සියලු දෙනාට ඉදිරියේදී සිරගත වීමට සිදුවෙනු ඇතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම පසුගිය සමයේ රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිත කළ පිරිස් අතර ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය කාලයේ රජයේ මහජන දේපොළ හොරකම් කරමින් රජ සැප විඳින පිරිසක් තවමත් අපි අතර ඉන්නවා. සමහර රජයේ නිලධාරින් වැඩ තහනමට ලක් වෙලා. ඔවුන් හිතනවා ඇති වැඩ තහනමට ලක් වුණාම සියලු දඩුවම් ලැබුනා, ප්රශ්නය එතැනින් ඉවරයි කියළා.
නමුත් මම එකක් කියනවා. රාජ්‍ය දේපොළ කියන්නේ සගසතු කළ පුජා වට්ටියක් වගේ. ඒ අන්දමට මහජන හා රාජ්‍ය දේපොළ හොරකම් කරලා දැනට වැඩ තහනම් වෙලා ඉන්න කිසිදු නිලධාරියෙකුට වගේම දේශපාලනඥයින්ට අපි නිදැල්ලේ ඉන්න දෙන්නේ නැහැ.
ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නොවෙයි අවුරුදු හත අටකට හිරේ යවනවා. ඒ වගේම කොල්ල කාපු මහජන දේපොළ රාජ සන්තක කිරීමටත් අපි රජයක් වශයෙන් පසුබට වෙන්නේ නෑ"