රාජ්ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත් කර තිබේ.
ඒ මහතා ඊයේ (04දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
අනුරුද්ධ පොල්ගම්පොල මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විය.
ඉන් අනතුරුව ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ වී කටයුතු කළ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.