ජීවන වියදම හා විරැකියා ප්රශ්නය ඇතුළු පැනනැගී ඇති ප්‍රශ්න විසඳීමට නම් පෙබරවාරි 10 වැනිදායින් පසු රාජ්‍ය කළමනාකරණයේ යම් වෙනසක් සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ජීවන වියදම පාලනය කිරීමට නම් අපනයනය වැඩිකර ආනයනය සීමා කළ යුතු බවද එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව ආර්ථික මධ්‍යස්ථානවල සභාපති අධ්යක්ෂ මණ්ඩල පත් කිරීමේදී පුවත්පත්වල දැන්වීම් පළකර සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමයක් භාවිත කළ යුතු බව ද හෙතෙම පවසා සිටියේය.