පාඩු ලබන රාජ්‍ය ආයතන නගාසිටුවීමට රජයට දිගින් දිගටම මුදල් යෙදවීමට හැකියාවක් නොමැති බවත්, මේ හේතුවෙන් ඒවා නගාසිටුවීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කිරීම හා කොටස් වෙළෙඳ පොළට නිකුත් කිරීම සිදුවන බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.