වෙසක් පොහොය දිනට කලින් රාජ්‍ය ආයතන ප්‍රධාන නිලධාරීන්ගේ තනතුරුවල වෙනසක් සිදුවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20දා) සඳහන් කර සිටියේය.
මේ අතර ඇතැම් විට අමාත්‍ය මණ්ඩලය තුළද වෙනසක් සිදුවිය හැකි බවද ජනපතිවරයා පැවසීය. ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් අද උදෑසන හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.