2017 වසරේ පළමු කාර්තුව තුළ රාජ්ය ආයතන 22 ක ප්රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, ආයුර්වේද සංස්ථාව ඇතුළු ආයතන 22 ක් මෙසේ කැඳවීමට නියමිතය. කෝප් කමිටුව පෙරේදා (21දා) පාර්ලිමේන්තු සංකීරණයේ කමිටු ශාලා අංක 04හිදී රැස්වී තිබිණි.