රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
එහි සාමාජික සාමාජිකාවන් සදහා පත්වීම් ලිපි ලබාදීම ජනාපතිවරයා විසින් (30දා) ජනධිපති කාර්යාලයේදී සිදු කෙරිනි.සාමාජික සාමාජිකාවන් 13 දෙනෙකුගෙන් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සමන්විතය.
බිම්බා තිලකරත්න, එච්.එම්.එල්.ටී. මුදලිගේ, එච්.අමරතුංග, සී.ඒ.එච්.එම්. විජේරත්න, ඒ.කේ.ඩී.ඩී.ඩී අරන්දර, එල්.එස්. පතිනායක, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, කල්යානි දහනායක, ජගත් පී. විජේවීර, ඩී.ජී.එන් ජයවර්ධන, සී.ඒ. ප්‍රේමශාන්ත, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ යන මහත්ම මහත්මීන් එහි සාමාජික සමාජිකාවන් වෙති.