කඩුගන්නාව හේනාවල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ඇතුළු තිදෙනෙකු අද (15දා) අලුයම තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කොට ඇත.
අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසළ දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ නුග ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. අනතුර සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර/ චමිල් රූපසිංහ