රජයේ උත්සව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
වැළිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස සී.එස්.එන්. නාළිකාවේ තනතුරු නොදැරූ බවත් ඔහු පැවැසීය. බොරැල්ල එන්.එම්. පෙරේරා ශාලාවේ අද (01දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම අත්අඩංගුවට ගැනීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් වැඩසටහන් ආරම්භකරන බව ඔහු සඳහන් කළේය.