රාජපක්ෂවරු කිසිදිනක හොරකම් කර නැති බවත්, හොරකම් කරන්නේද නැති බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඇමෙරිකාවේ සිට දිවයිනට පැමිණිමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට රැස්වූ ඔහුගේ ආධාරකරුවන් අමතමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
බැසිල් මහතා අද දිවයිනට පැමිණියේය.
එසේම තමන් රට හැරදා නොගිය බවත් ශ්‍රී ලංකා පොලීසියෙන් තමන්ට කැඳවීමක් ලැබුණු බවත් ඔහු සඳහන් කළ අතර නීතියට ගරු කරමින් පැමිණි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුව විවිධ චෝදනා එල්ල කළත් කිසිවක් ඔප්පු කර ගැනීමට නොහැකිවූ බවත් ඔහු සඳහන් කළේය. පසුගිය කාල සීමාවේදී රටේ දියුණුවක් සිදුව නොමැති බවත්, නැවත වරක් රජයක් පිහිටුවන බවත් ඔහු සඳහන් කළේය.
පැමිණි සිටි ජනතාව බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ නැවතත් රට හැරදා නොයන ලෙසයි.
අංජන ශ්‍රී කුමාර