පසුගිය මහින්ද රාජපක්ෂ රජය සියලු ව්‍යාපෘති චීනයට ලබාදුන් බවත්, නව රජය චීනය හා ඉන්දියාව යන රටවල් දෙක අතර සමබර සබඳතාවක් පවත්වාගෙන යන බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
ඉන්දීය ඩී.එන්.ඒ. පුවත්සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබේ. එසේම මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරන ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ එම ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයා විහිලුවට ප්‍රකාශ කළ බවත් එය මිනිසුන් වැරදියට වටහාගත් බවත්ය.