පසුගිය වසරේ මැයි දිනයේදි හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතාගේ ආණ්ඩුව ගෙදර යැවිමට කටයුතු ආරම්භ කළ බවත්, ඒ සඳහා සියළු බලවේග එකතු කරමින් මේ මැයි දිනය වන විට රාජක්ෂ රෙජිමය ගෙදර යැවූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
කොළඹ බි.ආර්.සී. පිටියේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළීය අමතමින් ඔහු මෙම අදහස් දැක්විය.
වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුකරන බවත්, එසේ වුවත් එම පක්ෂ දෙකටම රට ගොඩගැනීමට නොහැකිවි ඇති බවත් ඔහු පැවැසිය.