තමා ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකු යුද අධිකරණයට ගෙන යාමට ඉඩ නොතබන බව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසෙම් රටේ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් අවසන් නොකරන බවත්, ඒවා ඉදිරියට පවත්වාගෙන යන බවත් හෙතෙම පැවැසීය.
2015 අයවැයෙන් ලබාදුන් සහන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවැසුවේ රාජ්‍ය බුද්ධි අංශ විසින් මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා 55%කින් ජය ලබන බවට තහවුරු කර ඇති බවයි.