මෙතෙක් ඉපයු මුදල් වලට අනුව රාජපක්ෂ පවුලේ නිලආදායම වියයුත්තේ මිලියන විස්සක් සහ ලක්ෂ අටක් පමණ බවත් එසේ උවද මිලියන 340 වියදම් කරමින් රූපවාහිනි ආයතනක් ආරම්භකිරීම පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය සොයා බැලු බවත් දුෂිතයන්ට දඬුවම්දීම නවත්වන්නේ නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අශූ මාරසිංහ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා 1970 සිට මේදක්වා උපයා ඇති ආදායම රුපියල් මිලියන දහතුනක් සහ පන් ලක්ෂ පනස්දාස් පන්සිය විහිපහක් බවද මන්ත්‍රිවරයෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතා උපයා ඇති ආදායම මිලියන හතරකුත් එක් ලක්ෂ හාරදාස් හාරසිය අසූපහක් බවද නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස යෝෂිත රාජපක්ෂ මහතා උපයා ඇති ආදායම තිස් එක්ලක්ෂ අසූහතරදාස් හත්සිය විස්සක් බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව කීය.