කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වෙන ඩී.ඒ.රාජපක්ෂ ගුණසමරු උත්සවයට මල් කළඹක් තැන්පත් කිරීමට පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ජනතාවගේ විරෝධය පළ වූහ.
උත්සවයට පැමිණි පිරිසේ කෑකෝ ගැසීම් හා හූ හඬ මධ්‍යයේ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට මල්කළඹ තැන්පත් කිරීමෙන් පසුව මර්විල් සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
ඔහු පිටත්ව ගිය පසුව එම ස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය. මෙම උත්සවයේ ඩී.ඒ.රාජපක්ෂ ගුණසමරු දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතායි.