පසුගිය ආණ්ඩුව පැවැති සමයේදී සිදුව ඇති රුපියල් බිලියන 4,000ක බැඳුම්කර වංචාවක්සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළිවි ඇති අතර, ඒ පිළිබඳ සොයා බැලීමට තවත් කොමිසමක් පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
හෙතෙම සඳහන් කර සිටියේ, වත්මන් රජයේ බැඳුම්කර වංචාව පිළිබඳ අදහස් පළ කරනු ලබන පසුගිය රජයේ බලය හෙබවූ පිරිසක් මෙම මූල්‍ය අක්රමිකතාවට සම්බන්ධවී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
රාජපක්ෂ යුගයේදී රුපියල් බිලියන 4,000ක බැඳුම්කර මගඩියක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පිළිබඳ සොයාබැලීම සඳහා තවත් කොමිසමක් පත් කරනවා. එම බැඳුම්කර ගැහිල්ල කරපු අය තමයි වත්මන් රජයේ බැඳුම්කර හොරකම පිළිබඳ අදහස් පළ කරන්නේ. එහි සිදුව ඇත්තේ රුපියල් බිලියන 11ක වංචාවක් බව කොමිසන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. එම බිලියන 11ත් අයකර ගත යුතුයි. නමුත් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් මහ බැංකුව රඳවාගෙන තිබෙනවා. මෙවැනි හොරකම් සිදුකළ අය තමයි බැඳුම්කරය පිළිබඳ අද අදහස් පළ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් මේ ගැන කතා කරනවා.
පසුගිය රජය සමයේ වංචා සහ දූෂණවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත්තේ නැහැ. එදා හිටපු මන්ත්‍රීවරුන් විවිධ වංචා සිදුකළා. කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහිව කවුරුවත් කතා කළේ නැහැ. සෑම මාර්ගයක්ම ඉදිකිරීමේදී කොමිස් ලබාගත්තා. එහෙම අය තමයි දැන් ඡන්දය ඉල්ලන්නේ. හොරු බිහි කරන්නෙත් ඡන්ද දායකයන්. මේ වගේ හොරුන්ට ඡන්දය දෙන්න එපා. වර්තමානයේ රජයේ අමාත්‍යවරු වැරදි කළත් පරීක්ෂණ පවත්වනවා. ජනතා විමුක්ති පෙරමුණ විවිධ දේශපාලන පක්ෂවල වැරදි සොයනවා. ඉන් පසු දේශපාලන පක්ෂ විවේචනය කරනවා* යැයිද පවසා සිටියේය.