කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් තරඟාවලියක් හේතුවෙන් පැවැත්වෙන පාගමනක් හේතුවෙන් අද (08දා) රථවාහන තදබදයක් ඇතිවිය හැකිබව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව රාජකීය විද්‍යාලය අසලින් ආරම්භ වී අර්නස්ට් සිල්වා මාවත‚ ආනන්ද කුමාරස්වාමි මාවත‚ ලිබර්ටි වටරවුම‚ ආර්.ඒ. ද මෙල් මාවත‚ ඩුප්ලිකේෂන් පාර‚ තුම්මුල්ල වටරවුම‚ කුමාරතුංග මුනිදාස මාවත ඔස්සේ මෙම පාගමන ගමන් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
මේ හේතුව නිසා මෙම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.