කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ නිර්වින්දන පිළිබඳව මහාචාර්යවරයෙකු නිවාඩු ලබාගෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සඳහා ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ හිඟය පිළිබඳ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් යොමුකළ ප්‍රශ්නයක් අතරතුළදී මේ බව හෙළිවිය.
රාගම වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ හිඟය 19ක් බවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.