එක ටෙසට් තරගයකදී වැඩිම උඩපන්දු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ අජින්කේ රහානේ ඉතිහාසයට එක්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදි උඩපන්දු 8ක් ලබාගනිමිනි.
මීට පෙර එම වාර්තාවට ඔස්ට්‍රේලියාවේ ග්‍රෙග් චැපල හිමිකම් කීවේ උඩපන්දු 8ක් ලබාගනිමිනි ඒ 1974 වසරේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදීය.
ඔහුට පසුව යුවරාජ් සිං, හෂාන් තිලකරත්න, ස්ටීවන් ෆ්ලෙමින් මැතිව් හේඩන් යන ක්‍රීඩකයෝ උඩපන්දු හත බැගින් ලබාගෙන තිබුණි.