අද වනතුරුත් කුමන තීන්දු තීරණ ගත්තත් කෘෂිරසායන හෝ කෘමිනාශක තහනම් කිරීමට හෝ පාලනය කිරීමට අපට නොහැකි වී තිබෙන බවත් රසායනික සමාගම් කොතරම් බලවත්ද කියා ඉන් පැහැදිලි වන බවත් තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික අමාත්‍යවරයා පැවසීය.
ලෝක මිහිතල දිනය සැමරුම් උලෙළ නිමිත්තෙන් අද (22දා) ජාතික විද්‍යා පදනමේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
“අපට තිබෙන ජල සම්පත ඉතාම සීමාසහිතයි. අපේ ජල සම්පත කෘෂිරසායන ද්‍රව්‍ය ගෙන්වන ව්‍යාපාරිකයන් අතළොස්සකට මෙහෙයවීමට ඉඩදෙනවාද? නැත්නම් බහුතර ජනතාවගේ ජලයේ අයිතිය ආරක්ෂා කරගන්නවාද? කියා තීරණය කළ යුතු යුගයකට අප පැමිණ තිබෙනවා. අද පරිසර විනාශකාරී තත්ත්වයකට මුළු ලෝකයම ගමන් කරනවා” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.