ඉදිරි වසර තුළ රසායනාගාර සහිත සියලුම රෝහල් තුළ රුධිර පරීක්ෂා ඇතුළු සියලුම රෝග පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද (10දා) පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මේ වනවිට ජාතික රෝහලේ සියලුම රෝග පරීක්ෂාවන් රෝහල තුළම සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඖෂධ පනතට අනුව ඉතාම ඉක්මනින් ඖෂධ අධිකාරිය පිහිටුවන බව කී අමාත්‍යවරයා, ඒ හරහා ඖෂධ නියාමනයට රෙගුලාසි ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කළේය.ඒ අනුව ඉදිරියේදී ඖෂධ මිල විසිගුණයකින් පමණ අඩුකරගැනීමට හැකිවනු ඇති බවත්, තවදුරටත් මහජනයාට ලබාදිය හැකි පහසුකම් උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
වත්මන් ආණ්ඩුව වෛද්‍යවරුන්ට රුපියල් 20,000 ක පඩි වැඩිවීමක් සිදුකර ඇති බවත්, කාර් පර්මිට් පමණක් නොව ඒ පිළිබඳවද කතා කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.