රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කර සංස්කෘතික හෝ බුද්ධ ශාසන අමාත්‍යධුරයක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (28දා) පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ වගකීම බාරගෙන මුදල් ඇමතිවරයා ඉවත් විය යුතු බවත් එසේ නොවේ නම් ඔහු ඉවත් කිරීමට රජයේ ප්‍රධානීන් කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම ගැසට් නිවේදනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන යොදා තිබීම පිළිබඳව රජය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.