අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට අද දිනයේදී යළිත් ඇමතිකමක් හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව බොහෝ දුරට ඔහු ඉල්ලා අස්වෙන විට අමාත්‍ය ධුරය දැරූ විදේශ කටයුතු අමාත්‍යධුරයම ඔහුට හිමිවෙනු ඇතැයි වාර්තා වෙයි.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට අද දිනයේදී අමාත්‍යධුරයක් හිමිවෙනු ඇතැයි වාර්තා වෙයි.
ඔහු ඊයේ (01දා) රාත්‍රියේ කොළඹට පැමිණ තිබේ.
අද දිනයේදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමට නියමිතය. එම සංශෝධනය පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතය.
ලංකාදීප පුවත්පත/ වැඩිදුර වාර්තා හැටන් රංජිත් රාජපක්ෂ