දුම්කොළ සමාගමෙන් රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාගැනීමට මෙවර අයවැයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යෝජනා කර තිබුණත් එම මුදල දුම්කොළ සමාගමෙන් නොගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අයවැයට පසුදින ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී තමන් ඒ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කළ බවත් දුම්කොළ සමාගමෙන් ප්‍රදානයක් ලබාගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්තිවලට පටහැනි බවත් ඔහු පැවසීය.
එසේම විදේශයන්හි සේවය කරන 15000ක් පමණ වන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාවට පැමිණ සේවය කරන්නැයිද ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් ජනපතිවරයා මෙම ඉල්ලීම කළ අතර එසේ පැමිණෙන වෛද්‍යවරුන් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් රට හැරයාම ගැටලුවක් බවද ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම දේශීය ආයුර්වේද විද්‍යාවද දියුණු කළ යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය වැය ශීර්ෂ විවාදයට එක්වූයේ වසර දෙකකට පමණ පසුව වීම සුවිශේෂී වෙයි.