මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වැරදියට කීම හේතුවෙන් අද (21දා) පාර්ලිමේන්තුව උණුසුම් විය. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීය.
බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ නම වැරදියට උච්චාරණය කළේ නම් ඉල්ලා අස්වෙන බවයි. බන්දුල ගුණවර්ධන මහතා නම වැරදියට කියා ඇති බව සඳහන් කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුට සභා ගර්භයෙන් ඉවත්ව යන ලෙස පැවැසීය.
ඉන් පසුව විපක්ෂ මන්ත්‍රීන් එයට විරෝධය දැක්වීම නිසා පාර්ලිමේන්තුව උණුසුම්විය.