පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන් ඉවත් කිරීම සුදුසු යැයි බැඳුම්කර ගනුදෙනුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධදැයි සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධදැයි සොයා බැලීමට පත් කළ තිලක් මාරපන කමිටු වාර්තාව පෙරේදා(29දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ.
කමිටු වාර්තාව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් බාරදීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේජ්යෙෂ්ඨ නායකයන් රවි කරුණානායක මහතා අරලියගහ මන්දිරයට ගෙන්වා සාකච්ඡා කර ඇති අතර, එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්වී ඇති වාර්තාවේ.
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊටසම්බන්ධදැයි සොයා බැලීම කමිටුව වෙත පැවරුණු වගකීම් වී තිබිණි.
කමිටුව පත් කළ විගස එහි කටයුතු ආරම්භ කළ අතර, සති දෙකක් තුළ එහි වාර්තාව සැකසීමට පියවර ගෙන තිබිණි.