මීට වසර නවයකට පෙර පා.ම. නඩරාජා රවිරාජ් මහතාව වෙඩි තබා ඝාතනය කර විදේශ රටකට පැනගොස් සැඟවී සිටින බව කියන විවේකානන්දන් ශ්‍රී කාන්තන් හෙවත් චැරන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය රතු නිවේදනයක් නිකුත් කළාය.
ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් චැරන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු සහිත රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලීසියට නිකුත් කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.
2006 නොවැම්බර් මාසයේදී රවිරාජ් මහතා ඝාතනය කරන ලද අතර, එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ පෞද්ගලික සහකාර නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් නමැත්තාට කොළඹ මහාධිකරණය ඇප නියම කළේය.
රහස් පොලීසියේ ඉල්ලීම පිළිගනිමින් චැරන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන 17 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලීසියට නියම කළාය.