බැඳුම්කර ගනුදෙනුවට අදාළව රවි කරුණායක මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන නො ආ බවත්, ඉදිරියේදී ඔහු ගෙදර යැවීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. බලංගොඩ පැවැති ජනහමුවකදී ඔහු ඊයේ (23දා) මේ බව කියා සිටියේය.
“එක්සත් ජාතික පක්ෂයේ උදවිය, මේ අද ඊයේ පාර්ලිමේන්තුවට ආපු කොල්ලෝ, පළාත් සභා මන්ත්රීවරු ඔක්කොම එකතුවෙලා ජනාධිපතිට ටොකු අනිනවා. මේවා ඉවසගෙන ඉන්න බැරිවුණාම එතුමා බොහොම තරහින් මට බනිනවා.
මම අහගෙන හිටියා කියනවා මම රවි කරුණානායක මහතාට සුබ පැතුවාලු. විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා බැඳුම්කරයට විරුද්ධව මහ බැංකු මංකොල්ලයට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවට පස්සේ මම සුබපැතුවලු. අනේ සිරිසේන මහත්තයෝ එහෙම එකක් අපි ගෙනාවේ නෑනේ. ඒකාබද්ධ විපක්ෂය තාම ගෙනල්ලා නෑ එහෙම එකක්. මේක අමු බොරුවක්නේ. අපි ලෑස්තිවෙලා ඉන්නවා.
අපි බලන්න ඕන වාර්තාවක් ආවා පාර්ලිමේන්තුවට. ඒක කියවලා බලලා හොඳට දාන්න ඕන. ආයෙත් නිකන් ආවට ගියාට දාන විශ්වාසභංග යෝජනාවක් නෙමෙයි. රවි ගෙදරම යන්න දාන විශ්වාසභංග යෝජනාවක් කියන එක අපි මතක් කරනවා.”