මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන මස 06වැනිදා විවාදයට ගැනීමට අද(16දා) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එකඟතාව පළකර තිබේ. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විපක්ෂය භාරදුන් විශ්වාසභංග යෝජනාවද ලබන මස 03 වැනි සතියේ විවාදයට ගැනීමට හැකියාව ඇතිබවට සභානායකඅමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එකඟ වූ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා ‘අද’ට පැවසීය. අදාළ පක්ෂ නායක රැස්වීමපාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර, මීළඟ පාර්ලිමේන්තු සභාවාරය එළඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිතය