රවිගේ සිද්ධිය ලූනු බිකක් වගෙයි - රාජිත
රවි කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ලූනු බිකක් බවත්, ඒකාබද්ධ විපක්ෂයේ කම්බ හොරු තොග වශයෙන් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා පැවසීය.
මන්නාරම, සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ අද (07දා) පැවැති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
“රවි කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට තොග වශයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. මූල්‍ය අපරාධ, දූෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන ඊට ඇතුළත්. රවි කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ලූනු බිකක් වගෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ ඩුබායි බැංකු ගිණුම්වල තිබෙන මුදල් ප්‍රමාණ ගැනත් ජනතාව දැනගත යුතුයි. එක බැංකු ගිණුමක ඇමෙරිකානු ඩොලර් බිලියනයක් තිබෙනවා. තවත් මන්ත්‍රීවරයෙකුගේ ගිණුමක ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් තැන්පත් කර තිබෙනවා.
රවි කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ගැන කතා කරන අය කම්බ හොරු. හොරු පිරිසක් තමයි මේ ගැන කතා කරන්නේ. විලිලැඡ්ජයි" යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
