මෙම වසර තුළදී 6.3% සිට 6.8 % අතර ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බවත්, ජනතාව හැමදාම සහනාධාර බලාපොරොත්තු නොවිය යුතු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (17දා) සිරිකොතහිදී පැවති මාධ්‍ය හමුවකදීය.
මහින්ද රාජපක්ෂ මහතා බිහිකළ ආර්ථික ළදරුවාට කිරි පෙවීමට වත්මන් රජයට සිදුවී ඇති බවත්, එහිදී රුපියල් මිලියන 8000 ක අලාභයක් සිදුව ඇති බවත් හෙතෙම පවසා සිටියේය.
මාධ්‍ය හමුවට එක්ව සිටි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසා සිටියේ, විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල වැනි පුද්ගලයන් ඒකාබද්ධ විපක්ෂයක් සාදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිට්පොකට් ගැසීමට සූදානම් වන බවයි.