බැඳුම්කර සිදුවීමට අදාළ සියලු තොරතුරු කෝප් කමිටුවට ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කර නොතිබීම සම්බන්ධව සොයා බලන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු සභාවාරයේදී අද (07දා) පැවසීය.
බැඳුම්කර සිද්ධියකට අදාළව පත්කළ ජනාධිපති කොමිසමට ලබාදී ඇති තොරතුරු කෝප් කමිටුවට ලබා නොදීමෙන් පාර්ලිමේන්තුව හෑල්ලුකර ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ අවස්ථාවේදී කථානායකවරයා මේ බව කීවේය.
තමා ඒ පිළිබඳව සොයාබලා පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.