බැඳුම්කර සිදුවීමට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ කරුණු විකෘති කර ඇති අතර, එය අභියෝගයට කරුණක්වන බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රකාශයක් තමන් විසින් හෙට (24දා)පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලබන බවත් එක්සත් ජාතික පක්ෂඋපනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මෙන්ම තමන්ද සද්භාවයෙන්යුතුව කොමිසම හමුවට පැමිණ ලබා දුන් කරුණුවලට පරස්පර කරුණු මෙම වාර්තාවට ඇතුළත්ව ඇති බවයි.
ඒ අනුව, බැඳුම්කර සිද්ධිය පදනම් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වන අතර,එය පරාජය කිරීම සඳහා පෙරට එනලෙස එක්සත් ජාතික පක්ෂසාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
"එක්සත් ජාතික පක්ෂය ගොඩනැගූ ආණ්ඩුවට රිංගා ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අැමතිවරු එදා ජනාධිපතිවරයා පරාජය කිරීමට ක්‍රියාකළ පිරිසක්.මහින්දඅමරවීර, එස්.බී.දිසානායක, දයාසිරි ජයසේකර,ජොන් සෙනෙවිරත්න වැනි ඇමතිවරු එදා කොහෙද හිටියෙ? අද මැරිලා ඉපදිලා වගේ කතාව. අද මේ පුරසාරම් දොඩවන ඇමතිවරු මහින්ද රාජපක්ෂගේ හොර කල්ලියේ සාමාජිකයන් බව රටම දන්නා කරුණක්. අද හොරුටික එළියේ. ආණ්ඩුව හදන්න වෙර දරපු අයට නිරපරාදේ චෝදනා කරනවා.
ආර්ථික සංවර්ධනය සඳහා රජය ක්‍රියා නොකළ බවට කිසිවෙක් ප්‍රකාශ කරන්නේ නම්, එය වැරැදි වැටහීමක්. අපට තිබුණු විශාලතම අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ සමයේ ගත්තු ණය ගෙවාදමන එක. ඒ ණය ගෙවන අතරතුර ජනතාවගේ ජීවන බර අවම කිරීමට අපි ක්‍රියා කළා.
අද ගෑස් ටික එදාට වඩාඅඩු නැද්ද?පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් එදාට වඩා අඩු නැද්ද? අද සුදුවෑන් තියෙනවාද?ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වෙලා නැද්ද? මාධ්‍ය නිදහස ශක්තිමත් වෙලා නැද්ද? අපි එක්සත් ජාතික පක්ෂයේ ගමන වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. ඒ යහපාලනය හදන්න.
අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා විධායක ජනාධිපති ක්‍රමයඅහෝසි කරන බවට.මේ මොහොතේ කවුරු හරි යහපාලනය අභියෝගයට ලක්කරනවානම්, ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම් බව රටටම අවධාරණය කරනවා. මාව ඝාතනය කළාට කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා මම කියනවා"යැයිද සඳහන් කර සිටියේය.