විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතා අද (10දා) පස්වරු 1.00ට පමණ පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි. මෙහිදී ඔහු සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළව ප්‍රකාශයක් කරනු ඇතැයි වාර්තාවෙයි.
මේ අතර පසුව ඔහු බත්තරමුල්ලේ තිබෙන ඔහුගේ නිවසේදීද මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවි කරුණනායක මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමටත් බැඳුම්කර කොමිසම කටයුතු කළේය.