“රවි කරුණානායක මහතා ගැන රජය තීන්දුවක් ගනියි. දේශපාලනයේදී පෞද්ගලික මත නැහැ. දේශපාලනයේදී අවශ්‍ය කරන්නෙ සාමූහික තීරණ පමණයි. හෙට, අනිද්දා පක්ෂ රැස්වීමේදී මේ ගැන තීරණයක් ගනියි. විශ්වාසභංගය ගැන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනවා.” යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ඊයේ (06දා) කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම උතුරු පිවිසුමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක්වීමේන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමට වසර දහයක් ගතවුවත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර තුන ඇතුළත තනා නිම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.