පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (03දා)පෙරවරුවේ මට්ටක්කුලිය කාක දූපතේ අපවිත්‍ර දෑ ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනකට සහභාගී විය.
මන්ත්‍රීවරයා සහ උතුරු කොළඹ ආසනයේ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් කාක දූපතේ වෙරළ තීරයේ ගොඩ ගැසී ඇති ප්ලාස්ටික්, පොලිතීන් මෙන්ම දිරාපත් නොවන අපද්‍රව්‍ය ඇතුළු අපවිත්‍ර දෑ ඉවත් කිරීමට සම්බන්ධ වී ඇත.