ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොකළේ නම් රවි කරුණානායක මහතා ඉවත් කිරීම සම්බන්ධව ආණ්ඩුවේ අවධානය යොමු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට සීමා නොකර මුදල් විශුද්ධීකරණය යටතේ දඬුවම් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
විශ්වාසභංග යෝජනාව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සුළිකුණාටුවක් ඇති වි තිබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබෙන බවත් පැවසූ සභාපතිවරයා ආණ්ඩුවට ඉන් විශාල අවනම්බුවක් ඇති කර තිබෙන බවද සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (08දා) පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.