රඹකැන්ඔය ජලාශය මේ වනවිට වාන් දැමීමට ළංවෙමින් පවතින බව අම්පාර වාරිමාර්ග සහකාර අධ්යක්ෂ සමන් වීරසිංහ මහතා පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේ මෙම ජලාශය විවෘත කරනු ලැබීය
රඹකැන්ඔය ජලාශයේ වාන් මට්ටම මීටර් 75 ක් වන අතර, එහි ජල ධාරිතාව අක්කර අඩි 45,000 කි. මේ වනවිට එහි මීටර් 72 ක් පමණ ප්රමාණයක ජලය පිරී තිබේ. එය මීටර් 73 ක් පමණ වනවිට වාන් දොරටු ඇරීමට කටයුතු කරන බව මහඔය ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු චන්දන විදානගමගේ මහතා පැවසීය.
.