රනිල් වික්රමසිංහ මහතා විපක්ෂනායකවරයාව සිටියදී බළපිටියට පැමිණි අවස්ථාවකපහරදීමට තැත්කොට,ඒ මහතාගේ නිල රථයට ගල්මුල්වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බළපිටිය ප්රාදේශීය සභාවේ සභාපති ඒ.දයාරත්න ද සිල්වා මහතා ඇතුළු 08 දෙනෙක් අද (02දා) අත්අඩංගුවට ගත්බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා පැවසීය.
2013 ජුනි 11 වැනිදින බළපිටිය මිගෙට්ටුවත්තේදී මෙම ගැටුම ඇතිවූ අතර, එහිදී බළපිටිය ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් වන අජිත් අසේල ද සොයිසා, එම්.ඩී. සෙනරත් යන මහත්වරු පහරකෑමට ලක්වූහ.
මෙම සිද්ධිය ගැන පහරකෑමට ලක්වූ මන්ත්රීවරුන් අහුන්ගල්ල පොලීසියට කළ පැමිණිල්ල වසර එකහමාරක් පමණ යටපත් ව තිබිණි.
කමල් ශ්රී ලියනගේ - බළපිටිය