අග්‍රාමාත්‍ය රනිල්ගේ මාමාවන ජේ.ආර්. හා ජනපති ප්‍රේමදාස ඉදිරිපත් කළ පළමු වැනි හා දෙවැනි පරම්පරාවල සැලැස්මවල් රට ණය උගුලකට හසුවූත් බවත් රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඒමට සැලසුම් කර තිබෙන තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්රතිසංස්කරණයත් පරාජයට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුන්වැනි පරම්පරාවේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළ බවට සඳහන් කරන බවත්, එම සැලැස්මට අනුව හෝටල් සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් විකුණා දැමීමටත්, ආර්ථසාධක හා සේවක භාරකාර අරමුදලට අත තැබීමටත් සූදානම් වන බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.
මීට අමතරව ලෝකයේ සිටිනා ප්‍රධාන මූල්‍ය ජාවාරම්කරුවා වන ජෝර්ජ් සොරොස් ගෙන්වා ගැනීමට සූදානම් වන බවත්, මොහු ජාතික මූල්‍ය අර්බුද ඇතිකර ජාතික රාජ්‍යයක් බිද දමන මූල්‍ය ජාවාරම්කරුවෙකු බවද පවසා සිටියේය.
මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඒමට සැලසුම් කර තිබෙනා තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් පරාජයට පත් කළ යුතු බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.