එජාප 69 වැනි සංවත්සරය අමතා ජනපති කඝ කතාව - කෙටියෙන්
එක්සත් ජාතික පක්ෂය බිහි වී අවුරුදු 5ට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවෙලා එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වසරක් පාසා සිය සංවත්සරය සමරද්දී අද වගේ දවසක් මීට පෙර උදාවෙලා තිබුණේ නෑ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එජාප සංවත්සරයට පැමිණීම. මෙය තමයි අප ගොඩනැගිය යුතු දේශපාලන සංස්කෘතිය. මේ එකතුව ජනපති- අගමැති එකමුතුව වගේම ඇමති මණ්ඩලයේ එකමුතුව වගේම ගමත් එකතුවිය යුතුයි.
ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව මාව තෝරාගෙන රටට අවශ්‍ය වෙනස කිරීමට මාව තෝරාගත් එක්සත් ජාතික පක්ෂයට මම ස්තූතිවන්ත වෙනවා. ඒක මගේ හදවතේ සටහන් වෙලා තියෙන කිසිදා නොමියෙන සත්‍යයක්.
නොවැ. 22 මම ආණ්ඩුවෙන් ඉවත්ව චන්ද්‍රිකා මැතිණියගේ නිවසට යන තෙක් මම හා රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබුණේ නෑ. එවැනි එකගත්වයක් සඳහා ගිවිසුම් ඇති කරගන්නවා. නමුත් කිසිදු කඩදාසියක් නැතිව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හා 20 කණ්ඩායම ගත්ත තීරණයක් ඒක.
මම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ ඉදිරිපෙළට ඇවිත් දැන් යන්ද කියලා ඇසෙන් සංඥාවක් දුන්නා. ඊට පස්සේ වාහනේ ඉදිරියට යන විට මම යන ගමන නතර කරන්න පාර්ලිමේන්තුවේ ඉස්සරහින් ඇවිත් චොපර් එකක් නැවැත්තන්න හැදුවා නමුත් අපි පහුකරගෙන ගියා. චොපර් එක ඇවැත් ඒ ගමන නැවත්න්න හැදුවානම් ඒ ගමන පැය කිහිපයකට ප්‍රමාද වෙනවා විතරයි. නමුත් ගමන යනවා.
ජනවාරි 5 අපේ අවසන් රැස්වීම තිබුණේ මරදානේ. කලුතර රැස්වීම අවසන් වෙලා මම ගෙදර ආවා ආරක්ෂකයින් කිවුවා මරදානේ රැසවීමට ගෙනියන්න බෑ කියලා. නිලධාරීන්ට මම කිවුවා යන්න ඕන කියලා. නමුත් ආරක්ෂකියින් මාව දාලා ගියා. මට මරදානේ රැස්වීමට යන්නේ නැතිව ඉන්නෙකොට රනිල් වික්‍රමසිංහ මහතා මට කතාකරලා කිවුවා එන්නේ නැත්ද කියලා. මම කිවුවා මට එන්න විදියක් නෑ ආරක්ෂකයින් නෑ කිවුවා. රනිල් වික්‍රමසිංහ මහතා ඇවිත් මාව රැගෙන ගියා. මට මතක හැටියට කරු ජයසූරිය මහතාත් එතන හිටියා.
මාව වේදිකාවට ගෙනිහින් එතුමා ජනතාව අතරට ගියා. ගිහින් ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෑ කිවුවා. එතුමා ජනතාව අතර යනකොට මට දැනුනේ අවුරුදු 25ක කොල්ලෙක් හැසිරෙන් ආකාරයයි.
ජාතික අාණ්ඩුව ගැන ජනතාව තවදුරටත් දැනුවත් කළ යුතුයි. එජාප- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට බෙදී කොතරම් රණ්ඩු කළාද. නව ගමනක් යන්න අපි සියලු දෙනාම එක්වී සිටිනවා. අපිට නොගැලපෙන දේශපාලනය අයින් කරලා අපට සුදුසු දේශපාලය කරන්නැයි හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා එක්ක එකට ආණ්ඩුවක් කිරීමට ලැබිම ගැන මම ඉතාමත්ම සතුටුවෙනවා.
ඔබ, මම කෙරෙහි තිබෙන විශ්වාසය හා බලාපොරෝතතු මම වගකීමෙන් ඉටුකරනවා. අපි හදන්නේ අලුත් රටක් හදන්න. අද දවසේ දරුවන්ට වගේම හෙට උපදින දරුවන්ටඅලුත් රටක් හදන්න හදන්නේ.
අපි පෙරළිකාර සමාජයක නව පරපුරේ සිතුම් පැතුම් අනුව ගමන් කළ යුතුයි. ආණ්ඩුවක් කරන විට දේශපාලඥයින් ලෙස අපි කටයුතු කරද්දි තමන් ඉදිරියේදි අනතුරක් තිබෙන බව තේරුම් ගෙන කටයුතු කළයුතුයි. මේ තනතුර ජීවිත වලටත් තියෙනවා. අපිට තියෙන්නේ දුෂ්කර ගමනක්. අපි යන ගමන ආපසු හැරවීමට දරන උත්සාහයන් විනාශ කිරීමට හදවතින් එක් වී කටයුතු කළ යුතුයි.
අනාගතය ගොඩ නැගීමේදී අප තුළ තිබිය යුතු අවංකභාවය, දූෂණයෙන් තොරවීම, පහසුකම් සෑම දෙනෙකුටම එක සමානව ලබා දීම, සෑම ජනකොටස් හා ආගම් අතර සහෝදරත්වය හා විශ්වාසය ගොඩ නැගිය යුතුයි.
සතුරා පිළිබඳ සුලුවට හිතන්න එපා. පසුපිසින් කියා හිතන්න එපා. අවතක්සේකරු කරන්න එපා. ඔබ අප දන්නවා සතුරන් කවුද කියලා. පිටරට ඉන්න ඊලාම් බෙදුම්වාදීන්, පසුගිය පාලනයේ ඇතැම් පිරිස් අපි යන ගමන නවත්වන්න හදනවා.
ජනතාව බලාගෙන ඉන්නවා අපි මොනවද කරන්නේ කියලා. ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකළ යුතුයි.
විරැකියාව අවම කිරීම, නිදහස් අධ්‍යාපනය , සෞඛ්‍ය, ශක්තිමත් කෘෂි ආර්ථිකයක් සහිත රටක් ගොඩනැගිය යුතුයි. මේ කාර්යය කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෑත් එක්සත් ජාතික පක්ෂය දෙසට යොමු කොට කටයුතු කරන බව පැහැදිලිව කිව යුතුයි. අවුරුදු දෙකකට පසුව අද දෙපාර්ශ්වයම එකට එකතුවෙලා කටයුතු කරනවා. මෙහි තීන්දු තීරණ ගත යුතත්තේ වසර දෙකකට පසුවයි.
ඡායාරූපය - මන්ත්‍රී හර්ෂද සිල්වා ෆේස්බුක් ගිණුම