පිරිසුදු දේශපාලනය කිරීමට යාමෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අමාරුවේ වැටේදැයි තමන්ට සැකඇතිවී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණ සඳහා තනි ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ලැබී තිබියදී ජාතික ආණ්ඩු නිර්මාණය කිරීමට යාමෙන් නැවත අර්බුදයක් මතුවිය හැකි බවක් පෙනෙන්නට ඇතැයිද, කෙසේවෙතත් රටට ජාතික ආණ්ඩුවක් අනවශ්‍ය බවද හෙතෙම පැවසීය.
අද (11දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව පැවසීය.