විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඇමෙරිකානු උසස් අධ්‍යාපන ආයතනයක ආරාධිත දේශකයෙක් වශයෙන් මසක කාලයක් සඳහා දේශන ලබා දෙන ලෙසට කර තිබූ ඉල්ලීමක් පිළිගැනීමට ඔහු තීරණය කර තිබේ.
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙන් මෙසේ රනිල් වික්‍රමසිංහ මහතාට දේශන සඳහා ආරාධනා ලැබී තිබේ.
තමාට මෙම ආරධනාව ලැබුණේ පසුගිය වසරේ බවත් එම කාලසීමාව තුළදී ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් විසින් මානව හිමකම් කොමිසමේ 25වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනවක් ගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටි නිසා එවකට එම ආරාධනාව නොපිළිගත් බවත් වික්‍රමසිංහ මහතා පැවැසීය.
නමුත් මේවන විට මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අවසන් හෙයින් තමාට ආරාධිත දේශකයෙක් වශයෙන් ලැබුණ ආරාධනාව භාරගත් බවත් වික්‍රමසිංහ මහතා අද සඳහන් කළේය.